දියනෑමට ගිය දරුවෙක්ව කිඹුලෙකු ඩැහැගෙන ගොස් අතුරුදන්ව ඇති බවට කඩුවෙල පොලීසියට තොරතුරක් ලැබී ඇති බව වාර්තා වේ.
ඊයේ (16) සවස කඩුවෙල පොලිස් වසමේ ශාන්ත අන්තෝනි මාවතේ, කැලණි ගං තොටුපොළේ දියනෑමට ගිය දරුවෙක් මෙලෙස අතුරුදන්ව තිබේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වැලිවිට, කඩුවෙල ප්රදේශයේ පදිංචි දරුවෙකි.
පොලීසිය, ප්රදේශවාසීන් සහ නාවික කොට්ඨාස කිමිදුම් නිලධාරීන් එක්ව අතුරුදන් වූ දරුවා සෙවීමේ නිරතව සිටින බව සදහන්.