කැස්බෑව – හොරණ මාර්ගයේ හල්පිට ප්රදේශයේ පදික මාරුවක් මතින් ගමන් කරමින් සිටි කාන්තාවක් මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
පොලීසිය සදහන් කළේ ඇය උපකාරක පන්තියකට සහභාගි වී සිටි දියණිය රැගෙන එමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවකි.
සිද්ධියෙන් තුවාල ලැබූ ඇගේ දියණිය වෑතර රෝහලට ඇතුලත් කර තිබේ.
කෙසේ වෙතත් මෙම අනතුරෙන් පසු මෝටර් රථයේ රියදුරු පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා කැස්බෑව පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.