153 බොරැල්ල කොට්ටාව මාර්ගයේ පාර්ලිමේන්තු පිටුපස පිවිසුම ආසන්නයේ අද (09) සවස ත්රීරෝද රථයක් හා බස් රථයක් ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ .
බොරැල්ල සිට කොට්ටාව දෙසට ගමන් කල පුද්ගලික බස් රථයක් මාදිවෙල පින්හේන හන්දියේ (පාර්ලිමේන්තු පිටුපස පිවිසුම අසල) බස් නැවතුම් පොලේ නතර කර සිටියදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන් .
පිටුපසින් පැමිණි ත්රීරෝද රථයේ රියදුරුට නින්දයෑම හේතුවෙන් බසයේ පිටුපස වැදී ත්රීරෝද රථයට බරපතල හානි සිදුව තිබේ.
ත්රීරෝද රථයේ රියදුරු සුලු තුවාල ලබා රෝහල් ගත කෙරුණු අතර මෙහිදී පුද්ගලික බස් රථයේ රියදුරු මහතා සහ සහයක මහතාගේ හැසිරීම ඉතාම සුහදශීලී බවක් දක්නට ලැබූ බව වාර්තා වේ .
ඔවුන් පවසා ඇත්තේ වාහන සාදාගත හැකි බවත් , ජීවිත නැවත සාදාගත නොහැකි බවත් , ත්රීරෝද රථයේ රියදුරු හැකි ඉක්මනින් රෝහලට රැගෙන යන ලෙසත් ය.
සුලු දේටත් කිපෙන රියදුරන් අතර ඉතාම ඉවසිලිවන්ත සහ කාරුණික රියදුරු සහ සහයක මහතාට බස් රථයේ සිටි පිරිස ද ප්රසන්ශා කර ඇති අතර මගීන් ඊළඟට පැමිණි බස් රථයෙන් පිටත් කර හැරීය.