දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (11) අලුයම බද්දෙගම පිවිසුම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බවට වාර්තා වේ.
සිමෙන්ති ප්රවාහනය කළ ටැංකි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත වැටෙහි ගැටී පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති අතර එහිදී රියදුරුට සහ රිය සහායකට සුළු තුවාල ලබා ඇති බවට පොලිසිය ප්රකාශ කර තිබේ.