දක්ෂිණ අධිවේගයේ අනතුරක් – අයෙකුට බරපතළයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේ දී ලොරි රථයක් තවත් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරින් එක් ලොරි රථයක රියදුරෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.

ලොරි රථ දෙකම කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී කිලෝමීටර 3.9 ආසන්නයේ දී ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ ශබ්දයක් ඇසී මාර්ගයේ අයිනට කර නතර කිරීමත් සමඟම පිටුපසින් පැමිණි  ලොරි රථය එහි ගැටී මෙම අනතුර සිදුව තිබේ. අනතුර සිදුවූ වහාම එම ස්ථානයට පැමිණි පොලිස් විශේෂ කාර්යය බළකා හදිසි මුදාගැනීමේ නිලධාරීන් ලොරියේ සිර වී සිටි රියදුරුව පිටතට ගෙන හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ලොරි රථයට බරපතළ අලාභ හානි සිදු වී ඇති අතර, තුවාල ලද රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වී ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු දක්ෂිණ අධිවේගී ගැලනිගම රථවාහන පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version