“භික්ෂූ විනයට අදාළ කතිකාවත් පනතක් ළඟදීම ගෙනෙනවා” – බන්දුල ගුණවර්ධන

භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් විනය හා ශාසන විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ භික්ෂූ කතිකාවත් පනත් කෙටුම්පතක් කඩිනමින් සම්මත කර ගැනීමට රජය කටයුතු කරන බවට කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මේ වන විට රටේ විවිධ ප්‍රදේශවලින් භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් විනය හා ශාසන විරෝධී ක්‍රියා රාශියක් වාර්තා වන බවත් ඒ සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමක් වශයෙන් මෙම තීරණය ගෙන ඇති බවට ඔහු ප්‍රකාශ කර තිබේ.

ආගමික වෛරයන් ඇති කිරීම සහ ආගමික හැඟීම්වලට පහර වදින ආකාරයෙන් සිදුවන ක්‍රියා සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගන්නා බවත් මෙම භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත ඉදිරි මාස 2 ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඔහු පවසා තිබේ.

මෙහි අවසන් පනත් කෙටුම්පත නාහිමිවරුන්ගේ නිරීක්ෂණ සඳහා ලබා දී ඇති අතර නාහිමිවරුන්ගේ අදහස් හා යෝජනා ලැබීමෙන් පසු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න දිසානායක මහතා කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.

Exit mobile version