වඳුරඹ, නාත්තේවල ප්‍රදේශයේ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇති බව වාර්තා වේ.
ඊයේ (26) උදෑසන කාලයේදී නාත්තේවල ප්‍රදේශයේ අතුරු මාර්ගයක කාන්තාවක් තුවාල ලබා වැටී සිටින බවට 119 තොරතුරු මධ්‍යස්ථානයට තොරතුරක් ලැබී තිබිණි.
ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, මරණකාරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වන ලද පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
එසේ මියගොස් ඇත්තේ, නාත්තේවල, වඳුරඹ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවකි.
ඝාතනය සිදුකළ සැකකරු ද වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති අතර පසුව කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බවට පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වඳුරඹ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.