අනියම් පෙම මරණයකින් කෙළවර වෙයි.

අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවක්ව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ඊයේ (05) සවස් කාලයේදී එම ඝාතනය සිදුව තිබුණේ, සූරියවැව පොලිස් වසමේ නිවසකදීය.

එලෙස මියගොස් ඇත්තේ, බැද්දේවැව බටහිර, සූරියවැව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවකි.

මරණකාරිය හා සැකකරු අතර පැවැති අනියම් සම්බන්ධතාවයක් මත ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය පවසයි.

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනීම සඳහා සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version