ගාසාහි සරණාගත කඳවුරකට ගුවන් ප්‍රහාරයක්

ගාසාහි අල් මගාසි සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 70 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අතරින් බහුතරය කාන්තාවන් සහ දරුවන් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සරණාගත කඳවුරුවල ධාරිතාව ඉක්මවා පිරිස් වාසය කිරීම හේතුවෙන් මරණ ගණන තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතී.

මෙවන් පසුබිමක ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් සඳහා ඊජිප්තුව නව සටන්විරාම යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවට විදෙස් වාර්තා පෙන්වා දී තිබේ.

Exit mobile version