ඇමෙරිකාවේ ඩ්‍රෝන යානාවක් ,රුසියාවේ ජෙට් යානාවක ගැටීමෙන් එය කළු මුහුදට කඩා වැටී තිබෙන බවට වාර්තා වේ.
රුසියාවේ ජෙට් යානා දෙකක් මෙලෙස ගමන් කර ඇති අතර ඇමරිකාවට අයත් ඩ්‍රෝන යානය ජාත්‍යන්තර ගුවන් අවකාශයේදී මෙලෙස එක් ජෙට් යානාවක ගැටී කළු මුහුදට කඩා වැටී තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා රුසියානු තානාපතිවරයා ද කැදවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.