පාසල් දරුවන් ගැන සෞඛ්‍ය කාර්‍යාංශයෙන් නිවේදනයක් .

පාසල් දරුවන් අතර කෘෂභාවය සහ අධිබර වැඩි වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශය නිවේදනය කර තිබෙන බව වාර්තා වේ .

එහි මාතෘ හා ළමා සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පවසන ලද්දේ ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි දැනුමක් දරුවන්ට ලබාදීම සඳහා නව චක්‍රලේඛ සකස්කර ඇති බවත් , මෙරට ජනගහනයෙන් පාසල් දරුවන් ගේ ප්‍රතිශතය 20% ක් බවත් , එම දරුවන්ගේ කෘශභාවය සහ අධිබර පසුගිය වසරට සාපේක්ෂව වැඩි වී ඇති බවත් ය.

ඒ අනුව ඊට හේතුව ලෙස විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ දරුවන්ගේ ආහාර පරිභෝජන රටාවයි.

Exit mobile version