ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මූලික අයිතිවාසිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ඔහුන්ගේ රාජකාරියේ කොටසක් වන අතර නීතියෙන්ද එම ක්‍රියාවන් සදහා ඔහුන් බැඳී සිටී.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ විමර්ශන සහ පරීක්ෂණ අංශය මගින් මුලික විමර්ශන ඇරබීම සිදුකරනු බව සදහන් වේ.
වාර්තා වන අන්දමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය නිකුත් කර ඇති නිවේදනයක සදහන්ව ඇති පරිදි අනෙකුත් දේ අතර මානව හිමිකම් කොමිසමට පහත බලතල තිබේ යැයි සඳහන් කර තිබේ.
(අ) කිසියම් උල්ලංඝණයක් හෝ ආසන්නව පවතින මූලික අයිතිවාසිකම් උල්ලංඝණයක් පනතේ විධිවිධානයන්ට අනුකූලව විමර්ශනය කිරීමට
(ඌ) එම කටයුතු සඳහා අවශ්‍ය හෝ හිතකර අනෙකුත් සියලු ම කටයුතු කිරීමට
(II වගන්තිය බලන්න)
එවන් පරීක්ෂණ පැවැත්වීම සඳහා මානව හිමිකම් කොමිසමට අවශ්‍ය වෙනත් කරුණු අතර,
(ඇ) ශ්‍රී ලංකාවේ පදිංචි ඕනෑම පුද්ගලයෙකු කොමිෂන් සභාවේ ඕනෑ ම රැස්වීමකට සහභාගි වන ලෙස කැඳවීමට, සාක්ෂි දීමට හෝ ඔහු සන්තකයේ ඇති කිසියම් ලේඛනයක් හෝ වෙනත් දෙයක් ඉදිරිපත් කිරීමට සහ පරීක්ෂා කිරීමට සාක්ෂිකරුවෙකු ලෙස ඔහුගෙන් ප්‍රශ්න කිරීමට හෝ ඔහු සන්තකයේ ඇති ඕනෑ ම ලියවිල්ලක් හෝ වෙනත් දෙයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටීමට හැකිවෙයි.
(18 වගන්තිය බලන්න)
ශ්‍රී ලංකාවේ ජීවත්වන ඕනෑ ම මිනිසකු සාක්ෂි ලබාදීමට සහ ලේඛන ඉදිරිපත් කිරීමට කැඳවීමට පූර්ණ බලය සහ අධිකාරිය හිමි වන බැවින් මෙම සිදුවීමට අදාළව මෙහිදී මානව හිමිකම් කොමිසම එහි ලේකම් හරහා ශ්‍රී ලංකා පොලිසිය විෂය පථය භාර අමාත්‍යවරයාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණ තොරදුරක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.
අමාත්‍යවරයා සමග පැවැත්වෙන සාකච්ඡාව අනාගතයේදී මූලික මානව හිමිකම් උල්ලංඝණය කිරීම් නවතා ගැනීම සඳහා ක්‍රමයක් අනුගමනය කිරීමට ඉවහල් වනු ඇතැ බව හා විරෝධතාව අතරතුර ජනතාව පාලනය කිරීම සඳහා මානව හිමිකම් නීතීන්ට අනුකූලව නිර්දේශ සාදා ගැනීමට යන ශුභවාදී දැක්ම ඇතිව බව වාර්තා වේ.
ශ්‍රී ලංකා සමාජවාදී ප්රජාතන්ත්රවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (d) ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කර ඇති මූලික අයිතිවාසිකම් එම වගන්තිය අනුව රජයේ සියලු ම ආයතන විසින් පිළිගත යුතු බව හා ආරක්ෂා කොට වැඩිදියුණු කළ යුතු බව ද මානව හිමිකම් කොමිසම අවධාරණය කර ඇති බව වාර්තා වේ.
එම ඇමතිවරයාට සිතාසි නිකුත් කළ බවට සංසරණය වන වාර්තා නිවැරදි නොවන බව ත් මෙම අවස්ථාවේදී සිතාසි නිකුත් කිරීමක් කර නොමැති බව ත් පැහැදිලි කිරීමට මානව හිමිකම් කොමිසම බලාපොරොත්තු වන බව වාර්තා වේ.
මෙම ප්‍රකාශය මාධ්‍ය මගින් පළ කරන ලද දෝෂ සහගත ප්‍රකාශය පැහැදිලි කිරීම සඳහා සකස්කරන ලද්දක් බවද ද එම නිවේදනයෙහි සදහන් බව වාර්තා වේ.
වාර්තාවන ආකාරයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය නිකුත් කර ඇති එම නිවේදනය පිළිබඳව තර්කයක් පැන නොනගිණ බව සදහන්වේ.