සීටී ස්කෑන් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක් .

කුරුණෑගල රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රය සඳහා අවශ්‍ය අමතර කොටස් ලබාදීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .

එමෙන්ම වසර 15කට වඩා පැරණි සීටී ස්කෑන් යන්ත්‍ර 03ක් වෙනුවට නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර 03ක් කොළඹ ජාතික රෝහලට, කරාපිටිය ශික්ෂණ රෝහලට සහ මාතර දිස්ත්‍රික් රෝහලට ලබාදීමට පියවර ගෙන ඇති බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ .

Exit mobile version