ඊශ්‍රායලය විසින් සිරියාවට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරියෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
ඩමස්කස්හි ගිනිකොණ දිගින් පිහිටි සයිඩා සෙයිනාබ් ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ සෙයිඩ් රාසි මවුසවි නැමැති ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු බව සඳහන්.
කෙසේවෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදා විසින් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව වාර්තා වේ.