ටී 56ක් සමග හමුදා සෙබළෙකු අතුරුදන්.

යුද හමුදා සෙබළෙකු විසින් පනාගොඩ යුද හමුදා කදවුරෙන් ටී 56 ගිනි අවියක්  , උණ්ඩ 90ක් සහිත මැගසින් තුනක් සොරාගෙන ඇති අතර සැකකාර සෙබළා සොයා මිනීමැරුම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම සැකකාර සෙබළා  මෙම ගිනි අවිය රැගෙන ගොඩගම පිහිටි විහාරස්ථානයකට පැමිණ ඇති අතර එම විහාරස්ථානයේ නායකහිමියන් වහන්සේගෙන් ගිනිඅවිය දැමීම සදහා බෑගයක්ද ඉල්ලා ගෙන පළා ගොස් ඇති බව කියයි. මෙම විහාරස්ථානයේ නායකහිමියන් වහන්සේ සමග මෙම සැකකාර සෙබළා සමීප සබදතාවයක් පවත්වා ඇති බව සදහන් කරයි.

මෙම නායකහිමියන් වහන්සේ සැකකරුට අනුබල දීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැරි බව වාර්තා කරයි.

Exit mobile version