හමුදා සෙබළියක් ජීවිතක්ෂයට.

ඩෙංගු උණ වැළදීම හේතුවෙන් යාපනය ගුරුනගර් හමුදා කදවුරේ සේවය කළ යුද හමුදා සෙබළියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම සෙබළිය උණ රෝගය වැළදීමෙන් අනතුරුව යාපනය පලාලී යුද හමුදා රෝහලට ඇතුළත් කර පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමෙන් අනතුරුව මෙසේ ජීවිතක්ෂයට පත් වූ බව සඳහන් .

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි කේ.එම්.කේ.සෙව්වන්දි නැමැති අයෙකි.

Exit mobile version