පෙම්වතිය හැර ගිය ශෝකය දරා ගැනීමට නොහැකි වූ යුධ හමුදා සෙබළෙකු සිය නිවස අසල ඉඩමක දී ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බවට මාවනැල්ල පොලීසිය ප්රකාශ කළ බව වාර්තා වේ.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ මුලතිව් යුධ හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ සෙබළෙකු බව සදහන්.
28 හැවිරිදී හමුදා සෙබළා නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බව අනාවරණය වේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මාවනැල්ල පොලීසිය විසින් සිදුකරනු ලබයි.