සංවිධානාත්මක අපරාධ කල්ලි සමග සබඳතා පැවැත්වු දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින හමුදා නිලධාරියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කහතුඩුව, උස්වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම හමුදා නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කර තිබේ.
සැකකරු පසුගිය වසරේ ජුනි මස 21වන දින බලපිටිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සහ පසුගිය 18වන දින බලපිටිය ප්‍රදේශයේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට සැලසුම් කිරීමට අදාළව අවශ්‍යව සිටි අයෙකු බව සඳහන් .
මෙම වැටලීමේ දී සැකකරුගේ නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18ක් ද සොයාගෙන තිබේ.
මොහු දැනටත් විශේෂ කාර්ය බළකායට අනුයුක්තව සක්‍රීය සේවයේ යෙදී සිටින හමුදා සේවකයෙකු බවට පොලීසිය සඳහන් කර තිබේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කහතුඩුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර අද (22) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.