යාපනයේ ඉලවාලෙයි ප්‍රදේශයේ පිහිටුවා ඇති කිතුණු සුරුවමට පහර දී එම ගොඩනැගිල්ලට සහ ප්‍රතිමාවලට ඊයේ (04) රාත්‍රියේ හානි සිදු කර ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් යාපනයේ ඉලවාලී පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බව සඳහන්.
මෙම සුරුවමට පහර දීමට කිසිදු හේතුවක් නොමැති බවත් , කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් අදාළ සිද්ධියට සැකපල කරන බවත් ඉලවාලී කිතුණු දේවස්ථානයේ ප්‍රධාන පූජකවරයා ප්‍රකාශ කර තිබේ.