තංගල්ල ජල සම්පාදන මණ්ඩලයේ සේවකයකු තංගල්ල දංකැටිය වීරමාවතේ නිවසක ජල සැපයුම විසන්ධි කිරීමට එම නිවසට යාමේදී නිවසේ සිටි අයකු විසින් එම සේවකයාට පහර දී ඇති බව වාර්තාවේ.
පොලිසිය සදහන් කරන පරිදි පහර කෑමට ලක්ව ඇත්තේ තංගල්ල ජල සම්පාදන මණ්ඩලයේ සේවය කරනු ලබන පයිප්ප වෑද්දුම් කරුවකු වන එච්.බී.සිරිශාන්ත නමැති පුද්ගලයකු බව සදහන් වේ. ඔහු ප්රතිකාර සදහා තංගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
තංගල්ල ජල සම්පාදන මණ්ඩලයේ කාර්මික අංශයේ නිළධාරිනිය ඇතුළු සේවකයින් කණ්ඩායමක් තංගල්ල හා ඒ අවට ප්රදේශයේ ජල බිල්පත් නොගෙවූ නිවෙස් වල ජල සැපයුම විසන්ධි කිරීමට ගොස් සිටියදී මෙම සේවකයාට පහරදීම සිදුව ඇතැයි පොලිසිය සදහන් කරයි.