හූති කැරලිකරුවන්ට ප්‍රහාරයක්.

යේමනයේ හූති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාර එල්ලකර ඇති බව වාර්තා වේ.

යේමනයේ සානා අගනුවර ඇතුළු නගර කිහිපයක ඉලක්ක වෙත එලෙස ගුවන් ප්‍රහාර එල්ලකර ඇති බව වාර්තා වෙයි.

මේ සඳහා ගුවන්යානා, නෞකා සහ සබ්මැරීන් යොදාගෙන තිබේ.

පසුගිය නොවැම්බර් 19 වනදා සිට හූති කැරලිකරුවන් විසින් රතු මුහුදේ නෞකා වෙත ප්‍රහාර 27ක් එල්ලකර ඇති බවට අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

එම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා මෙම ඒකාබද්ධ ප්‍රහාරය එල්ලකර ඇති බව සදහන්.

Exit mobile version