සූදු ක්‍රීඩා නියාමනය කිරීම සඳහා අධිකාරියක් පිහිටු වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති අතර සූදු ක්‍රීඩා මගින් අපේක්ෂිත බදු ආදායම් නිසි පරිදි අයකර ගැනීම , සූදු ක්‍රීඩාවන් මඟින් පුද්ගලයින්ට හා සමාජයට සිදුවන අයහපත් ප්‍රතිවිපාක අවම කිරීම , සූදු ක්‍රියාකාරකම් හා සම්බන්ධ අපරාධ ක්‍රියාවන් වැළැක්වීම වැනි කාර්යයන් මේ තුළින් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව සියලුම සූදු ක්‍රීඩා ක්‍රියාකරුවන් හට බලපාන ලෙස සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය නමින් නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය හදුනාගෙන ඇති අතර එම නියාමන ආයතන ඇති කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
එලෙස ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සඳහන්වේ.