මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ, අද (27) සහ මාර්තු 6 යන දිනවල අදාළ දැනුවත් කිරීම් සිදුකෙරෙන බවයි.
මැතිවරණ වියදම් නියාමන පනතට අනුව මැතිවරණ සඳහා මුදල් වැය කිරීම සීමා කළ යුතු වෙයි.
කෙසේ වෙතත් එම පනත සම්මත වීමෙන් පසු එක් මැතිවරණයක් හෝ පවත්වා නොමැතිවීම හේතුවෙන් අදාළ පනතේ විධිවිධාන සම්බන්ධයෙන් දේශපාලඥයින්ට නිසි අවබෝධයක් ලබාදීමේ අරමුණින් එම සාකච්ඡා පැවැත්වෙන බව සදහන්.
මෙහිදී පක්ෂ නියෝජනය කරමින් රංජිත්මද්දුම බණ්ඩාර, සිසිර ජයකොඩි, උවිඳු විජේවීර ඇතුළු පිරිසක් සාකච්ඡාවට සහභාගි වූ බව සදහන්.