වන සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ විදුලි රැහැනක පැටලී වන ඇතෙකු මිය ගොස් ඇති බවට ආණමඩුව පොලීසිය වාර්තා කරයි.
ආණමඩුව – වෙම්බුවැව ප්රදේශයේ නිවසක් ආසන්නයේ තිබී මියගිය වන ඇතාගේ සිරුර හමුවී තිබේ.
අඩි 10ක් පමණ උසකින් යුක්ත වන ඇතාට අඩි 03ක පමණ දළ යුගලක් ද තිබෙන බවට පොලීසිය පවසයි.
වන ඇතාගේ මරණයට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු හදුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදුකරන බවත් පොලීසිය සඳහන් කරයි.