දීපවාලි උත්සවය නිමිත්තෙන් මෙම මස 13 වන දින මධ්‍යම පළාතේ සියළුම ද්‍රවිඩ පාසල්වලට නිවාඩු ලබාදෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත් වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
මේ මස 12 දින දීපවාලි උත්සවය සමරන බැවින් ඊට පසු දින පාසල් වලට ගුරුවරුන් සහ සිසු සිසුවියන් නොපැමිණෙන බැවින් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.
ලබන 13 වන දින ලබාදෙන නිවාඩුව වෙනුවෙන් සති අන්තයේ නිවාඩු දිනයක ඒ සදහා පාසල් පැවැත්විය යුතු බව ද ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.