විදුලිය විසන්ධි කරන්න ගිය මණ්ඩලයේ සේවකයෙකුට ගුටි .

විදුලි බිල නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීම සඳහා ගිය විදුලි බල මණ්ඩයේ සේවකයෙකුට පහර දුන් පුද්ගලයෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයට අනුයුක්තව සේවය කරන පුද්ගලයෙකි .

මොහු ඊයේ (18) නොරොච්චෝලේ , සේතාපොල ප්‍රදේශයේ නිවසක විදුලිය විසන්ධි කිරීමට ගිය අවස්ථාවේදී එහි සිටි පුද්ගලයෙකු විසින් මෙලෙස පහරදී තිබෙන අතර පහර කෑමෙන් තුවාල ලැබූ විදුලිබල මණ්ඩලයේ සේවකයා ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ .

Exit mobile version