අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔර්ලන්ඩෝ ප්‍රදේශයේ ගැටර්ලන්ඩ් වනජීවී උද්‍යානයේදී අතිශය දුර්ලභ කිඹුලියක් උපත ලබා ඇති බව වාර්තා වේ.
49cm (අඟල් 19.2) ප්‍රමාණයෙන් යුත් ගැහැණු උරගයා ලොව සිටින ලියුසිස්ටික් කිඹුලන් හත් දෙනාගෙන් එක් කෙනෙක් බවට විදෙස් මාධ්‍ය පවසයි.
ලියුසිස්ටික් කිඹුලන් යනු අමෙරිකානු කිඹුලන්ගේ හරිම දුර්ලභ ජානමය වෙනස්වීමක් නිසා උපදින සත්ත්ව විශේෂයකි.
ඔවුන් රෝස පැහැති ඇස් ඇති සහ වර්ණක සම්පූර්ණයෙන්ම නැති වී ඇති ඇල්බිනෝ කිඹුලන්ගෙන් ද වෙනස් වේ.
ලියුසිස්ටික් කිඹුලන් සුදු පැහැති හමකින් යුතු වුණත්, එය ඇස්වලට බලපාන්නේ නැති නිසා එම සත්වයින්ගේ ඇස් කළු පැහැයෙන් යුතු වේ.