ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න මහතා ප්‍රමුක එහි කණ්ඩායමක් විසින් නීති විරෝධී හොර ඖෂධාගාරයක් වටලා ඇති බව වාර්තාවේ.
ඒ කොළඹ මෝදර ප්‍රදේශයේදී වන අතර එම වැටලීමේදී එහි හිමිකරු හාඔහුගේ නිවසේ තිබූ නීති විරෝධී හොර ඖෂධ තොගයක් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදන සඳහා භාවිතා කරන බවට සැක සහිත අමුද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර සහ ඖෂධ අංශය සදහන් කර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් ඖෂධ අතර මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වුවන් භාවිතයට ගන්නා වේදනා නාශක කරල් අදාළ සැකකරු නිෂ්පාදනය කර ඇති බව හා ඉන්දීය ඖෂධ වෙළඳ නාමයන්ට සමාන වන ලෙස මොහු විසින් ඖෂධ නිෂ්පාදනය කර ඇති බව ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කර තිබේ.