ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක්.

ජනාධිපතිවරයා අත්තනෝමතිකව ව්‍යවස්ථා සභාවේ කටයුතුවලට මැදිහත් වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ හේතුව පදනම් කරගෙන ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට අවස්ථාව තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල කොදුනාරටිය ව්‍යවස්ථා සභාව බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසූ බව වාර්තා වේ.

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන  කාර්යාලයේදී අද (11) පැවැති මාධ්‍ය හමුවකදී එසේ ප්‍රකාශ කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට රතු එළි දල්වා ඇති බව කී මහාචාර්යවරයා මැතිවරණ කාලසීමා තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතු යැයි ජාත්‍යන්තරයෙන් දන්වා ඇති බව ද සඳහන් කර තිබේ.

Exit mobile version