කටුනායක ගුවන්තොටුපොළේදී ගුවන් මගියෙකුගේ ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ CCTV දර්ශන පරික්ෂා කිරීමේදී එවැනි සොරකමක් පිළිබඳ සාක්ෂි සටහන් වී නොමැති බවට කටුනායක ගුවන්තොටුපොළ වාර්තා කරයි.
අදාළ ගුවන් මගියාගේ ජංගම දුරකථනය මෙරටට පැමිණීමට පෙර මැදපෙරදිග රටක ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරින්ගේ භාරයට ගෙන ඇති බව එම රටට සම්බන්ධ ගුවන් සේවාව විසින් ලිඛිතව දැනුම් දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය විශේෂ විමර්ශණයක් ආරම්භ කර ඇති අතර ,එය අවසන් වූ වහාම එහිදී එළඹ ඇති නිගමන පදනම් කරගනිමින් අධිකරණ ක්‍රියාමාර්ග සදහා පිවිසීමට කටයුතු කරන බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා සදහන් කර තිබේ.