සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් .

සැප්තැම්බර් මාසයේ මුල් දින හය තුළ සංචාරකයින් 23,000කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව මෙම මාසයේ මේ දක්වා මෙරටට පැමිණ ඇති විදේශිකයින් සංඛ්‍යාව 22,896කි.

එම සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 6,188කි.

සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ එක්සත් රාජධානියෙන් පුද්ගලයින් 1,693,ජර්මනියෙන් 1,513,ඕස්ට්‍රේලියාවෙන් 1,127ක් සහ චීනයෙන් සංචාරකයින් 1,114ක් ද මේ මාසයේ ගත වූ දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 136,405කි.ඒ අනුව වසරේ මේ දක්වා සංචාරකයින් 927,214ක් මෙරටට පැමිණ තිබේ.

Exit mobile version