ශ්රී ලංකා මහා බැංකු දත්තයන්ට අනුව 2022 මාර්තු මාසය හා 2023 මාර්තු මාසය හා සැසදීමේදී සංචාරක කර්මාන්තය හරහා ලැබී ඇති ආදායමේ ඉහළ යාමක්, මෙම වසරේ පෙන්නුම් කරන බව වාර්තාවේ.
2022 වසරේ මාර්තුමාසයේ දී සංචාරක අදායම ඩොලර් මිලියන 161.2 ක් වන අතර එය මෙම වසරේ මාර්තු මාසයේදී ඩොලර් මිලියන 529.8 ක් දක්වා වැඩි වී ඇති බව සදහන් වේ.
එසේම සංචාරකයන්ගේද, 2022 වසරේ මෙම කාලය හා සසදන විට 2023 වසරේ සංචාරකයන්ගේ පැමිණීමේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇති බව සදහන් වේ.
මෙම වසරේ ගතවූ කාලය තුල සංචාරකයන් 335679 ක් ලංකාවට පැමිණ ඇතිබව ශ්රී ලංකා සංචාරක අධිකාරියේ දත්තයන්ට අනුව පෙන්වා දී ඇති බව වාර්තාවේ.