කර්මාන්ත ශාලාවක වූ අනතුරින් ඉන්දීය ජාතිකයෙකු මිය යයි.

කහතුඩුව ප්‍රදේශයේ යකඩ කර්මාන්ත ශාලාවක සිදු වූ අනතුරකින් තුවාල ලැබූ ඉන්දීය ජාතිකයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

එම කර්මාන්ත ශාලාවේ යකඩ උණු කරමින් තිබූ බොයිලේරුවක උණු වූ යකඩ පිටතට විසි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ විසි දෙහැවිරිදි ඉන්දියන් ජාතිකයෙකි.

Exit mobile version