ඉන්දීය නාවික හමුදා නෞකාවක් ත්‍රිකුණාමලයට.

ඉන්දීය නාවික හමුදාවට අයත් කන්ජාර් නෞකාව අද (29) ත්‍රිකුණාමල වරායට සේන්දු වී තිබෙන බව වාර්තා වේ .

ශ්‍රී ලංකාව සහ ඉන්දීය කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව සහ හවුල්කාරීත්ව සබඳතා වැඩි දියුණු කිරීම මෙහි අරමුණ බවත් , අදාළ නෞකාව අනිද්දා (31) දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවත් , එම කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සමුද්‍රීය අභ්‍යාසයක් ද සැලසුම් කර ඇති බවත් සඳහන් වේ.

තවද මෙම නෞකාව නැරඹීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දී ඇති බවත් , යෝග ව්‍යායාම් සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මෙහිදී සිදු කෙරෙන බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය ප්‍රකාශ කර තිබේ .

Exit mobile version