ඉන්දීය නාවික සබ්මැරීනයක් කොළඹට.

ඉන්දීය නාවික හමුදාවේ නවතම දේශීය කල්වාරී පන්තියේ සබ්මැරීනය වන “ වාගීර් “ නම් සබ්මැරීය කොළඹ මෙහෙයුම් සංචාරයක් සඳහා අද (19) කොළඹට පැමිණෙන බව වාර්තා වේ.

ඒ “ ගෝලීය සාගර වළල්ල “ යන තේමාව යටතේ 9 වන ජාත්‍යන්තර යෝගා දිනය සැමරීමට එළඹෙන 22 වනදා දක්වා සංචාරයක් සිදු කිරීමටයි.

මෙම සංචාරය අතරතුරේ දී නරඹන්නන් සහ පාසල් සිසුන් සඳහා යාත්‍රාව විවෘතව පවතින බව ද සඳහන් වේ.

“ අසල්වැසිකම ප්‍රථමයෙන් “ ප්‍රතිපත්තිය සහ “ කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය “ යන ඉන්දියාවේ දැක්මට අදාළව අසල්වැසි නාවික හමුදා දෙක අතරේ සහෝදරත්වය සහ එකමුතුව පෝෂණය කිරීම මෙම ඉන්දීය නාවික හමුදාවේ හා සබ්මැරීන ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ බව වාර්තා වේ.

Exit mobile version