ඉන්දීය ක්‍රීඩකයෙක්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙලා.

පාදයේ වළලුකර ආබාධයකට ලක්වූ ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා ට ලෝක කුසලාන තරගාවලිය අහිමිවී ඇති බව වාර්තා වේ.

ඒ ඔහුගේ ආබාධ තත්ත්වය නිසි පරිදි සුව නොවීම හේතුවෙනි.

පසුගියදා පැවති ඉන්දීය – බංග්ලාදේශ තරගය අතරතුරදී ඔහු ආබාධයකට ලක්වුණි.

පාණ්ඩ්‍යා වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රසිධ් ක්‍රිෂ්ණා කණ්ඩායම ට එක්කර තිබේ.

Exit mobile version