කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
ඊයේ (28) පස්වරුවේ අසනීප තත්ත්වයකින් පෙළුණු අදාළ පුද්ගලයාට වෛද්‍ය සායන මධ්‍යස්ථානයකින් ප්‍රථිකාර ලබාදී රැගෙන ඒමෙන් පසු නැවත රෝගීවී ඇති බවට බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා සඳහන් කර තිබේ.
ඒ අනුව එම පුද්ගලයා නාගොඩ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මිය ගිය තැනැත්තා හෙරොයින් මත්කුඩු සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි අයෙකු බවට බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ.