වර්තමානයේ කරලියට ආ නවතම කතිකාවත වූයේ බොහෝ තරුණ තරුණියන් විදෙස් රැකියා සොයා විදේශයන් කරා ගමන් කිරීමයි.මේ සමඟම රට යවන මුවාවෙන් අහිංසක හීන බොද කර දමන ගැට කපන්නන් වර්තමානයේ ඉහේ කෙස් ගානට ය…පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික් නායක නීතිඥ මදුර විතානගේ මහතා ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ සිඳුකළ අන්තර්ජාල සාකච්ඡාවේදී ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර ජාවාරමක් පිළිබඳව බරපතළ අනාවරණයන් රැසක් සිඳු කරන ලදි.
මදුර විතානගේ මහතා ප්‍රකාශ කර සිටින්නේ ,තමා නියෝජ්‍ය කතානායක අජිත් රෝහණ මහතා සමඟ සිටියදී පැමිණි දුරකථන ඇමතුමකට අනුව තායිලන්තයේ රැකියා ලබා දෙන බව පවසමින් ලාඕස් ,මියන්මාර් වධකාගාරවල සිර කරගෙන සිටින හම්බන්තොට තරුණ තරුණියන් පිරිසකට සිඳුවන අසාධාරණයට මැදිහත් වන ලෙසයි.
මේ අනුව තමාට මෙම කටයුත්ත සඳහා මැදිහත්වීමට සිඳු වූ බවත් ඉන් ලාංකිකයන් 50කට ආසන්න ප්‍රමාණයක් ගලවා ගත් නමුත් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රශ්නයෙන් තවමත් බැට කමින් සිටිනා බවත් ප්‍රකාශ කර තිබේ.
එසේම මෙහිදී මෙම දරුවන් හට තායිලන්තයට පමණක් වීසා සකසා තිබූ අතර ඉන් එහාට ඔවුන් බාරගන්නා පුද්ගලයන් විසින් Fake වීසා හදමින් ලාංකිකයන්ගේ ඔරිජිනල් වීසා ලබා ගැනීම තුළින් මෙය අන්තර්ජාතික ජාවාරමක් ලෙස හඳුන්වා දිය හැකි බවට ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම මෙලෙස ගෙන යන ලාංකිකයන් හට හොද හයිටෙක් ඇපල් වර්ගයේ දුරකථන, අධි තාක්ෂණික පරිගණක මෙන්ම අන්තර්ජාල පහසුකම් සලසා දීම මඟින් ජාවාරම්කරුවන් බලාපොරොත්තු වී ඇත්තේ ලෝකය පුරා සිටින ධන කුවේරයින් ,ප්‍රසිද්ධ පුද්ගලයින් ආයතන මෙන්ම අන්තර්ජාල සබඳතා ගොඩ නංවන්නන් සමඟ සබඳතාවයක් ගොඩනංවා ගනිමින් ඔවුන්ගේ ගිණුම් වලින් මුදල් ලබා ගැනීමයි.
මෙලෙස ජාවාරම්කරුවන්ගේ ඉලක්ක සපුරා දීමට ලාංකිකයන්ට නොහැකි වුවහොත් දස වද ලබා දෙන බව හඩපට මඟින් අනාවරණය වේ.
මෙලෙස විශාල ජාවාරමක මහමොලකරු හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ අම්බලන්තොට කොට්ඨාසය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී අනුර සමරනායක මහතා බවත් ඔහුගේ බිරිඳ මෙන්ම රුවන් පතිරණ යන අයත් මෙයට සෘජුවම සම්බන්ධ වූවන් බවත් ප්‍රකාශ කර තිබේ.
තවද, වාර්තාවන කරුණු අනුව අනුර සමරනායක මෙන්ම රුවන් පතිරණ යන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවත් , ළමුන් බේරාදෙන බව පවසමින් මුල් මුදලට අමතරව තවත් ලක්ෂ 15ක් ලබා ගත් බවත් පවසා සිටී.
එලෙස මිනිසුන්ගේ මුදල් ගසා කන දැවැන්ත පෙළේ ජාවාරම්කරුවකු ලෙස ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අනුර සමරනායක හඳුන්වා දෙයි.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට පහත විඩියෝව නරඹන්න.