ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කටුනායක ගුවන් තොටුපළට රහසිගත ඇතුළු වී ජපානය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානයේ අසුන් ගෙන සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් වහාම විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්රාත් ඉන්දික සිල්වා මහතා නියෝග කළ බව වාර්තා වේ .
සැකකරු වැඩබලන මහේස්ත්රාත්වරයා හමුවට ඊයේ (1) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 6 වනදා වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී .
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ වත්තල , හැඳල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ සැකකරු කලක් ජපානයේ රැකියාව කර පසුව විවාහ වීම සඳහා මෙරටට පැමිණි අයකු බවත් , පසුව යළි ජපානයට යන බවට සිය බිරිඳට පවසා පසුගිය 30 වනදා නිවසින් පිටත්ව ගොස් ඇති බවත් ය.
නමුත් ජපානයට යාම සඳහා කිසිදු ලේඛනයක් ඔහු සතුව නොතිබී ඇති බව සඳහන්.