සමෘද්ධි’ ප්රතිලාභ ලැබූ ආයතනගතව සිටින පුද්ගලයින් 16,146 කට ජනවාරි මස සිට රුපියල් 2,000 ක දීමනාවක් පිරිනැමීමට තීරණය කර ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා ඇති බව වාර්තා වේ.
පිරිවෙන් අධ්‍යාපනය ලබන හිමිවරු, ළමා නිවාස, වැඩිහිටි නිවාස සහ සුරැකුම් මධ්‍යස්ථානවල සිටින ආබාධිත පුද්ගලයන්ට මෙම දීමනාව හිමිවන බවට ෂෙහාන් සේමසිංහ මහතා සමාජ මාධ්‍ය පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.