කොළඹ වරාය ආසන්නයේ මීට වසර දෙකකට පෙර ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් තෙල් කාන්දුවක් නිරීක්ෂණය වන බවට ධීවරයන් වාර්තා කර තිබේ.
මෙම තෙල් කාන්දුව පිළිබඳව ධීවරයන් අවශ්‍ය සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇති බවත් එම කාන්දුව තව දුරටත් වර්ධනය වුවහොත් විශාල සමුද්‍ර දූෂණයක් විය හැකි බවටද ධීවරයන් අවධාරණය කර තිබේ.