සබරගමු පළාත් ආණ්ඩුකාරවරයාට එරෙහිව පළාත් කාර්යාලයෙන් මෙහෙයුමක්.

පුරා අවුරුදු 15ක් එකම ස්ථානයක සිටිමින් වංචා ,දූෂණ රාශියක් කර තිබෙන බවට චෝදනා ලැබ සිටින ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පති තවදුරටත් එම විද්‍යාලයට අවශ්‍ය බව පවසමින් ඔහුගේ දූෂිත වැඩවලට හවුල්ව සිටින පිරිසක් සබරගමුව පළාත් ආණ්ඩුකාර ගරු නවීන් දිසානායක මහතා හමුවීමට තීරණය කර තිබෙන බවට ආරංචි මාර්ග පවසයි.

ඒ වෙනුවෙන් සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයද ඔවුන්ට උදව් කරන බවත් විදුහල්පතිගේ අනියම් බිරිඳ ලෙස කටයුතු කරන සබරගමු පළාත් සභාවේ ඉහළ පෙළේ නිලධාරිනියක්ද ඔහු වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින බව අප මීට පෙරද වාර්තා කරන ලදි .

එසේම මෙම විදුහල්පතිට එරෙහිව කර තිබූ පැමිණිලි කිසිවක් සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සතුව නොමැති බවත් ඒවා සියල්ලම හිටපු අමාත්‍යාංශ ලේකම් සහ වර්තමාන ලේකම්ද මැදිහත්ව ඉවත් කර තිබෙන බවටද තොරතුරු ලැබී තිබේ.

වර්තමාන අමාත්‍යාංශ ලේකම් වරයාටද මෙම විදුහල්පතිවරයා යම් යම් අවස්ථාවල උපකාර කර තිබෙන අතර ඔහුගේ සහෝදරයෙකුගේ දරුවෙක් මෙම පාසලට ඇතුළත් කර ගැනීම සඳහා දීර්ඝ කාලීන සැලසුමක්ද ක්‍රියාත්මක කර එම දරුවා ඇතුළු තවත් කණ්ඩායමක් මීට අවුරුදු කිහිපයකට පෙර මෙම පාසලට ඇතුළත් කරගෙන තිබේ.

අපට වාර්තාවන සහ ලැබී තිබෙන තොරතුරු වලට අනුව පළාතේ උසස් අධ්‍යාපන බලධාරීන්ටද විවිධ අවස්ථාවල මූල්‍යමය වශයෙන්ද උපකාර කිරීමට විදුහල්පතිවරයා කටයුතු කර තිබේ.

ඒ අනුව මේ වන විටත් ආණ්ඩුකාරවරයාගේ නියෝගයට (ක්‍රියාත්මක නොකර . නිවැරදි කිරීම පහතින්) අනුව මහජන කැළඹීමකට අවශ්‍ය උපදෙස් සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් විදුහල්පතිවරයාට ලබා දී තිබේ.

ඔවුන් මැර කණ්ඩායමක් සේ ක්‍රියාත්මක වෙමින් අහිංසක අසරණ මිනිසුන් නොමග යවමින් කටයුතු කරන බව අප මීට පෙරද වාර්තා කර තිබේ.ඒ පිළිබඳව ඇඹිලිපිටිය පොලිස් ස්ථානය වෙතද පැමිණිලි කර තිබේ.

නමුත් දූෂිත රැලක් එකට එකතුව පීඩිත පන්තිය තවත් පීඩිත කරමින් මහජන බලය මහජනතාවට එරෙහිව භාවිතා කිරීම දූෂිත රාජ්‍යයන්වල බහුලවම දක්නට ලැබේ.

(නිවැරදි කිරීමයි.. පහල ජේදයේ සිට ඉහලට තුන්වැනි ජේදය පහත පරිදි විය යුතුය. “” ඒ අනුව මේ වන විටත් ආණ්ඩුකාරවරයාගේ නියෝගය කර තිබෙන්නේ සතියක් ඇතුලත අදාල විදුහල්පතිගේ වැඩ තහනම් කරන ලෙස හො ස්ථාන මාරු කර පරීක්ෂණයක් කරන ලෙසයි. අදට (23) හරයටම සතියකි. ඒ අනුව එය ක්‍රියාත්මක නොකර මහජන කැළඹීමකට අවශ්‍ය උපදෙස් සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් විදුහල්පතිවරයාට ලබා දී තිබේ. ඔහු සමග එක්ව සිටින පළාත් අධ්‍යාපන බලධාරීන් ආණ්ඩුකාරවරයාගෙේ තීරණය ක්‍රියාත්මක නොකර මහජන කැළඹීමක් ඇති කරවීමට අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතී…. ලෙස එම ජේදය නිවැරදි විය යුතුය. )

Exit mobile version