රට තුළ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් තැඹිලි සහ කුරුම්බා සඳහා ඉල්ලුම වැඩිවීමෙන් කොළඹ සහ අවට තැඹිලි ගොඩියක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
කොළඹ වරාය පිවිසුම අසළ තැඹිලි වෙළෙඳසැලක තැඹිලි ගෙඩියක් අද (28) රුපියල් 200 කට අළෙවි වූ අතර එම ස්ථානයෙන් විදේශිකයන් වඩාත් උනන්දුවෙන් තැඹිලි මිලදී ගෙන පානය කරන අයුරු ද දැකගත හැකිවූ බව සදහන්.
මීට සති දෙකකට පමණ පෙර කොළඹ ප්රදේශයේ තැඹිලි ගෙඩියක් රුපියල් 120 ත් රුපියල් 140 ත් අතර මිලක පැවතුණි.