සචිත්‍රට අධිකරණයෙන් නියෝගයක්.

පොලීසිය විසින් දැනුම්දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතු සඳහා සහාය වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්, හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට ඊයේ (01) නියෝග කර තිබෙන බව වාර්තා වේ .

ඒ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරනු ලැබුවේ මෙම සිද්ධියට අදාළව සැකකරුගේ කටහඬ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බවයි.

ඒ හේතුවෙන් දැනුම්දෙනු ලබන අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතුවලට සහාය වන ලෙස සැකකරුට නියෝග කරන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට නියෝග කරනු ලැබුවේ දැනුම් දෙනු ලබන අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතුවලට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසටයි.

Exit mobile version