මහ බැංකුවෙන් නියෝගයක්.

රුපියල මත පදනම් වූ ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාතිකය සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියෝගයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා රුපියල මත පදනම් වූ ණය සඳහා පොලී අනුපාතිකය වෙනස් වී ඇති අතර සියළුම වාණිජ බැංකු මේ අනුව ණය සේවා කිහිපයක පොලී අනුපාතික පහත දැක්වෙන අවම අනුපාතික දක්වා හෝ පහළ දැමිය යුතු බව මහ බැංකුව නිකුත් කළ නියෝගයේ සඳහන් කර තිබේ.

01. උකස් මත ලබා දෙන ණය සඳහා 18% වාර්ෂික පොලී අනුපාතිකය දක්වා පහළ දැමිය යුතුය.

02. බැංකු අයිරා (OD) සඳහා අයකරන වාර්ෂික ණය පොලී අනුපාතිකය 23%ක් දක්වා පහළ දැමිය යුතුය.

03. ණයපත් (Credit Card) හරහා මුදල් අත්තිකාරම් ලබා ගැනීමේදී අයකරන වාර්ෂික පොලී අනුපාතිකය 28%ක් දක්වා පහළ දැමිය යුතුය.

Exit mobile version