හරක් කටාගේ පෙත්සමට අධිකරණයෙන් නියෝගයක් .

අභියාචනාධිකරණය , කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ නීතිපතිවරයාට දැනුම් දීමකින් තොරව ” හරක් කටා ” නැමැති සැකකරුව දැනට රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යාම හෝ ඉවත් කිරීම නොකරන ලෙස නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට නොතීසි නිකුත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගඋත්තරකරුවන්ට නියම කළ බව වාර්තා වේ .

පෙත්සම් විභාගය අවසන් වන තුරු මෙම නියෝගය බලපැවැත්වෙන බවත් , මෙම පෙත්සම යළි සැප්තැම්බර් මස 25 වනදා කැඳවීමට නියම වූ බවත් සඳහන් .

තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හරක් කටා නැමැති සැකකරු සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි .

Exit mobile version