මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය නියෝජනය කරන මධ්‍යම පළාත් සභාවේ ඉහළ නිළධාරින් පිරිසක් ඇතුළු එම අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් 09 දෙනෙකුට අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කිරීමේ චෝදනා මත ඔක්තෝබර් මස 25 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස මධ්‍යම පළාත් මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළේය .
මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ වටිනා මූල්‍ය ලේඛන තොගයක් ගිනි තබා විනාශ කිරීමේ නඩුව පසුගිය දා ( 20 ) යළිත් කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු වරයා විසින් අදාල නියෝගය නිකුත් කෙරිණි.
11 දෙනෙකුගෙන් සමන්විත මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී අධිකාරියේ සභාපති වරයා හා එක් අධ්යක්ෂ වරයෙකු හැර සෙසු සියළුම අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට එරෙහිව මෙසේ සිතාසි නිකුත් වී ඇත .
මෙම නඩුව සම්බන්ධයෙන් මීට පෙර අධිකරණය ලබා දුන් නියෝගයක් කඩකරමින් අදාල නිළධාරින් පිරිස අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බව පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර එම කරුණු සැලකිල්ලට ගනිමින් අදාල නියෝගය නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා වග උත්තර කරුවන්ට එදින ඔවුන්ගේ පාර්ශවයෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරන ලෙසද දැනුම් දුන්නේය .
මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ වරයා ද ප්‍රවාහන අධිකාරියේ අධ්යක්ෂ වරුන් විසින් අධිකරණය ට අපහාස කිරීමක් සිදුකර ඇති බව ප්‍රකාශ කරන ලදී.
2019 වර්ෂයේ දිනයක පල්ලෙකැලේ පිහිටි මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ආරක්ෂිතව තබා තිබූ වටිනා මූල්‍ය හා වෙනත් ලිපි ලේඛන රැසක් ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් පිළිබඳව එවකට එහි සේවය කළ ඉහළ නිළධාරියෙකුට චෝදනා එල්ල වී තිබූ අතර ඒ පිළිබඳව සිදු කෙරුණු විමර්ශන වලින් අනතුරුව තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයේ අදාල නිළධාරියාට එරෙහිව මගී ප්‍රවාහන අධිකාරිය මගින් නඩු පවරා තිබුණි .
මහනුවර පිහිටි මධ්‍යම පළාත් මහාධිකරණයට මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ එවකට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයා විසින් යළිත් වතාවක් ගොනු කෙරුණු නඩුව මෙසේ කැඳවා තිබුණි .
මධ්‍යම පළාත් සභාව සහ ප්‍රවාහන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය වෙනුවෙන් පළාත් සභා නීතිඥ ජීවන්ති කරුණාරත්න සමඟ රජයේ අධිනීතිඥ ඩිලාන් විජේරත්න යන මහත්වරුන් පෙනී සිටියහ.
සරත් සමරනායක