පල්ලේකැලෙන් නාඳුනන පිරිමි මළ සිරුරක්.

පල්ලේකැලේ කාර්මික ජනපදයේ මහවැලි ජල පවිත්‍රාගාරය අසල තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් ඊයේ (31) හමුවී තිබෙන බව වාර්තා වේ .

එම මළ සිරුර ජලයේ පාවෙමින් ඇති බවට පල්ලේකැලේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 49ක් වන කලගොල්ලාගොඩ, පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් .

වාර්තා වන ආකාරයට මරණකරු හැඳ සිටි කලිසමේ සාක්කුවක තිබී හමුවූ ඔහුගේ ජාතික හැඳුනුම්පතෙන් ඔහුගේ අනන්‍යතාවය අනාවරණය වී තිබේ .

මෘත ශරීරය මරණකරුගේ බිරිඳ විසින් හඳුනාගෙන ඇති අතර පසුගිය 28 වන දින මියගොස් ඇති පුද්ගලයා නිවසින් පිටව ගොස් නැවත නොපැමිණි බවට ඇය විසින් වත්තේගම පොලීසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ .

Exit mobile version