ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් හදිසි තීරණයක්.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ගිනිකෙළි සංදර්ශන තහනම් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව දිල්ලි සහ මුම්බායි හි පැවැත්වෙන තරගවලදී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම තහනම් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම නගරවල වායු දූෂණය අවදානම් මට්ටමක පැවතීම හේතුවෙන් එම පියවර ගෙන තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂා විසින් මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදුකර ඇති බව සඳහන්.

ඒ අනුව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ දිල්ලි සහ මුම්බායි කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ඉදිරි තරග කිසිවක දී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම තහනම් ය.

Exit mobile version