අක්කා නගෝ නිරුවත් කළ අනංගයාට වැඩ වරදී.

මුහුණු පොත හරහා අවුරුදු 16ක් වයස පාසල් සිසුවියක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතරතුර ඇගේ සහ ඇගේ 13 හැවිරිදි නැගණියගේ නිරුවත් ජායාරූප වට්ස්ඇප් මගින් සිය ජංගම දුරකථනයට ගෙන්වාගෙන, ඒවා අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් රුපියල් 50000ක මුදලක් බැංකු ගිණුමක තැම්පත් කරගත්තේයැයි කියන චෝදනාවට යුධ හමුදා සෙබළෙක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම සැකකාර සෙබළා උතුරේ යුධ හමුදා කදවුරක රාජකාරි සිදු කරන 21 හැවිරිදි වියේ පසු වන කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සැකකාර සෙබළා මුහුණු පොත හරහා සිසුවිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වුවද කිසි දිනක හමු වී නොමැති බවටද සොයා ගෙන තිබේ.

Exit mobile version